ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමුවෙයි

0
283

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා (Jay Shah) මහතා අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයෝ 40දෙනෙක් මෙරටට පැමිණ සිටිති.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here