ආහාර ද්‍රව්‍ය 74ක් බද්දෙන් නිදහස්

0
471

හාල්, තිරිඟු පිටි,තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන,සීනි, පරිප්පු ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 74ක් වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි වැට් බදු පනත පාර්ලිමේන්තුව‍ට ඊයේ (26) ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. සෞඛ්‍ය, නිවාස, රෝහල්, ස්මාර්ට් ෆෝන් ද වැට් බද්දෙන් නිදහස් කර ඇති බවද ඇමැතිවරයා කීය .

එමෙන්ම රටේ සංවර්ධනයට දායක වන කුඩා ව්‍යාපාර ද වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ද ඔවුන් වැට් ගෙවූ පුද්ගලයන් ලෙස සළකන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. වැට් බද්ද සියයට 11 සිට සියයට පහළොව දක්වා වැඩිකිරීම තුළින් සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදමට බලපෑමක් සිදුනොවන බවද වැට් බද්ද ඉහළ දමනුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වුවමනාවට හෝ වෙනත් අයෙකුගේ උවමනාවට නොවන බවද පැවසූ ඇමැතිවරයා වැට් බදු වැඩි කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිදු කළ නාස්තිකාර වියදම් හේතුවෙන් රට තුළ ඇති වූ ණය බර පියවීමට හා තරුණ තරුණියන්ට හෙට දිනයේ සුරක්ෂිත ජාතික ආර්ථිකයක පදනම දැමීමට බවත් ඇමැතිවරයා පැවසීය.

වැට් බද්ද වැඩිකිරීම මඟින් මෙම වසරේ දී රුපියල් කෝටි 180 ක් ඉපැයීමට අපේක්ෂා කරන අතර වැට් ගෙවන්නන්ගේ සංඛ්‍යාව සියයට දෙසීයකින් වැඩිකිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here