Thursday, May 16, 2024

නිල මෙහෙවර 2 ජනපති ජනතා සේවය නියාගමින් වජිර අරඹයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය වැඩසටහන් මාලාව මේ මස 30 වන දින සිට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

 

ඒ අනුව මේ මස 30 වන දින පෙ.ව.8.00 ට නියාගම ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය නියාගම, පෝද්දිවෙල මහා විද්‍යාලයේදී පැවැත්වෙන අතර වැලිවිටිය – දිවිතුර ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස31 වන දින පෙ.ව.8.00 ට එම කාර්යාල පරිශ්‍රයේදී සිදු වේ.

 

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන දස දහසක් වූ ගැටලු තෙමසක් තුළ විසඳීමට අවශ්‍ය කටයුතු මෙහිදී  සිදු වන අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු වේ. ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික සඳහා වැයවන රජයේ ගාස්තු නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගැනීම මෙම ජංගම සේවයෙහි විශේෂත්වයකි.ඒ සඳහා පෞද්ගලික අංශයෙන් අනුග්‍රහය ලබාදීම සිදු වෙයි.

 

 

නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පළමු වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

 

දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ විවිධ ගැටලු හඳුනා ගැනීමත් ඒ සඳහා කඩිනම් විසඳුම් සැපයීමත් නිල මෙහෙවර ජනතා සේවාවේ මුලික ම අරමුණයි. රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම්, ඉඩම් සම්බන්ධ ගැටලු, ගොවිජන සේවා ගැටලු, සමාජ සේවා ඉල්ලීම්, ජාතික හැඳුනුම්පත් ලබාදීම, නිවාස ගැටලු, වෘත්තිය පුහුණු අවස්ථා ,පාරිසරක ගැටලු, බැංකු ණය ලබාදීම් ආදී බහුවිධ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිදු වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles