Tuesday, September 24, 2024

ආහාර සොයාගන්න අපහසුම රටවල් පහ අතරට ලංකාවත්

ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.

අද වන විට රට ආර්ථික වශයෙන් දැඩි පීඩන තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ලෝකයේ ආහාරය හිගයක් ඇති වෙද්දී ‘අපි වවමු රට නගමු’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ ද අද එවන් තත්වයක් පේන්නේ නැතැයිද ජනතාවට බඩගින්න තදින්ම දැනෙන යුගයක් ඇති වී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

‘මගේ තරහකාරයෙක් ඇරෙන්න මට ඇමති ධූරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් නෑ. මට හිතවත් මට ආදරේ කරන කිසිවෙක් ඇමති ධුරයක් ලැබීම ගැන තුන් හිතකින්වත් ප්‍රාර්ථනා කරන්නෙ නෑ’ යයිද ඒ මහතා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles