ඇඟලුම් ආයතන දෙකක-75කට කොරෝනා

0
521

මහියංගනය ආසන්නයේ ඇඟලුම් ආයතන දෙකක, ආසාදිත ඇගලුම් සේවකයන් සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇත.

මහියංගනයේ එක් ඇගළුම් ආයතනයේ  සේවක සේවිකාවන්  324ක් සඳහා  පසුගිය 29 වන සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අද (02) ලැබු  වාර්තා අනුව 34ක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැණිනි. ඊයේ දිනයේදී ආසාදිත ඇගලුම් සේවකයන් 24ක් හඳුනාගෙන තිබේ.  පසුගිය 28 වන දින ඇගලුම් ආයතනයේ සේවයේ නියුතු 04 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබූ අතර, 31 දිනද සේවිකාවන් 03ක් ආසාදිත බව තහවුරු වී තිබේ.

එම ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවෝ  2,500කට අධික ප්‍රමාණයක් සේවයේ නියැලී සිටිති.

අනෙක් ඇගලුම් ආයතනයේ සේවකයන් 10දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.

ආසාදිතයන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් අවශ්‍ය පිරිසව සෞඛ්‍ය නීති රිති අනුව නිරෝධායන සඳහා යොමුකරමින් හා ආයතන විසබීජහරණය කරමින් සිටිති.‍

මෙම ඇගලුම් ආයතනවල සෙසු සේවකයන් සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here