Sunday, December 22, 2024

ඇඳිරිය ‘අදිනවද නැද්ද’ ගැන තීරණය අද..

කොවිඩ් අවදානම හේතුවෙන් මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල්කිරීම හෝ දීර්ඝ සම්බන්ධයෙන් අද (17)  තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඒ, සඳහා කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

යම් හෙයකින් මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරන බව වාර්තා වේ.

සංචරණ සීමා ලිහිල් කළහොත් ලබන සඳුදා සිට සියලු පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

මේ අතර දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම සඳහා ඉදිරි සැලසුම් සකස් කළ යුතු බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles