Tuesday, May 14, 2024

පැනික් වෙන්නේ නැතිව පාවිච්චි කරපු සෙක්ස් ටෝයිස් ගැන ඉතිහාස කතා.



ඔය ක්‍රිස්තු පූර්ව 69 – 30 කාලේ ඊජිප්තුවේ හිටිය ක්ලියෝපැට්රා රැජින හරිම සෙක්සි කෙල්ලක් කියලා හැමෝම කතා වෙනවනේ. එයාගේ ලිංගික ජීවිතය ගැන ශෝයි ශෝයි කතා ටිකක් තියෙනවා. ඒවා පස්සේ කියන්නම්. අදට අදාළ වෙන කතාව තමා ඔය වයිබ්‍රේටර්ස් කියන ජාතියේ සෙක්ස් ටෝයි එකක් ඉස් ඉස්සෙල්ලාම හැදුවේ එයා කියන කතාව. බැටරි හෝ වෙනත් තාක්ෂණික ක්‍රම තිබ්බේ නැති ක්‍රිස්තු පූර්ව කාලේ මෙයා එහෙම එකක් හදාගත්තේ කොහොමද යකඩෝ කියලා අපිට හිතෙනවනේ. ඉතින් අර කතාව කියන අය කියනවා මෙයා ඔය කියන “වයිබ්‍රේටර්” එක හදාගත්තේ පිපිඤ්ඤා ගෙඩියක ඇතුල හිස් කරලා ඒක ඇතුලට මීමැස්සෝ පුරවලා කියලා. මී මැස්සෝ ඇතුලේ දඟලනකොට ඒක දෙදරනවනේ. මේ කතාව ඉස්සෙල්ලාම ලෝකෙට කිව්වේ 1992 දි The Encyclopedia of Unusual Sexual Practices කියන පොත ලියපු බ්‍රෙන්ඩා ලව් කියන නෝනා. එයා ඔය මනෝ විද්‍යාව ගැන ආචාර්ය උපාධියකුත් තියෙන විද්වතෙක්. හැබැයි එයා ක්ලියෝපැට්රා ගැන මේ කියපු කතා ගැන සැක සාංකා නැත්තෙම නෑ. ක්ලියෝපැට්රාගේ වයිබ්‍රේටර් එකට විරුද්ධව කතා කියන අය කියනවා කෝ හලෝ එහෙමනම් ඒක ගැන කිසිම සාක්ෂියක් පැපිරස් ලියවිල්ලකවත් පිරමීඩවල ඇඳපු රූපාක්ෂරයකවත් නෑනේ කියලා. ඒත් ඉතින් එහෙම හැමෝටම කිය කිය බිත්තිවල චිත්‍ර ඇඳ ඇඳ පාවිච්චි කරන ටූල්ස් නෙවෙයිනේ ඕවා නේද?


ඔය ඩිල්ඩෝ කියන වචනේ එන්නේ ලතින් භාෂාවෙන්නේ. ලතින්වල තියෙනවා dilatare කියලා වචනයක්. ඒකේ තේරුම විවෘත කරන්න, පළල් කරන්න වගේ දෙයක් 😉 තව එතකොට ඉතාලි වචනයක් තියෙනවා diletto කියලා. ඒකේ තේරුම සතුට කියන එක. මේ වචනවලින් තමා ඩිල්ඩෝ කියන වචනෙ එන්නෙ. ඩිල්ඩෝ කියන වචනේ ඉස් ඉස්සෙල්ලාම භාවිත කරේ ඉතාලි ජාතික පියත්‍රෝ අරිතීනෝ කියන ලේඛකයා – මෙයා කුප්ප කතා සහ කවි ලියන්න තමා වැඩියෙන්ම ප්‍රසිද්ධ. හිටියේ ක්‍රිස්තු වර්ෂ 1492 – 1556 කාලේ. සමහරු කියනවා මෙයා තමයිලු Father of literary pornography. ඒ කියන්නෙ ඔය ශෘංගාර කතා හෙවත් වැල කතාවල පියා.

ආදී මානවයෝ රෝදය වගේ උපකරණ නිෂ්පාදනය කරන්නත් කලින්ම පිරිමි ලිංගික අවයවය වගේ පෙනුම තියෙන උපකරණ හදාගෙන තියෙනවා කියලා මීට කලින් මම ඔය ස්ටෝරීස්වල එහෙම කියලා තියෙනවා. එහෙම හදා ගත්ත සමහර ඒවා අවුරුදු 30,000 ක් විතර පැරණියි. පූර්ව ශිලා යුගයෙදි ඒ කිව්වේ පේලියෝලිතික් යුගයෙදි ගල් වලින් තමා ඒවා හදාන තියෙන්නේ. ඊටත් පස්සේ කාලෙක, නියෝලිතික යුගයෙදි ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 10,000 සහ 4,500 අතර කාලෙදි හරක්ගේ අං තට්ටුවේ කොටස්වලින් වගේම ඇත් දළ වලින් හදපු මේ වර්ගයේ උපකරණත් තියෙනවා. මේවාට සෙක්ස් ටෝයිස් කියන නමම පාවිච්චි කරන්න පුලුවන්ද කියන එක ගැන සැක සංකා තියෙනවා. හේතුව ඒවා ලිංගික තෘප්තිය වෙනුවෙන් භාවිත උනාද කියන එක ගැන නිශ්චිත සාක්ෂි නෑ. ඒ නිසා ඒවට අපි සෙක්ස් ටෝයිස් කියලම කියන්නේ නැතිව කියනවා phallus එහෙම නැත්නම් ලිංගික අවයවයේ ආදර්ශක කියලා. සමහර අය කියනවා මේවා ඔය ශිව ලිංගය වගේ කවුරු හරි දෙවි කෙනෙක්ට පූජා කරන්න හදපු දේවල් කියලා. ඒත් කැටයම් දාලා සුමට විදියට මේවා හදලා තියෙනවා දැක්කාම හිතෙනවා මේවා සෙක්ස් ටෝයිස් වෙන්න පුලුවන් කියලා.

සෙක්ස් ටූල්ස්වල ඉතිහාසය ගැන කතා කරද්දි කතා කරන්නම ඕන රටක් තමයි ලංකාවට අසීමිත විදියට ආදරේ කරන අපිත් ඒ විදියටම මච් ලව් රටක් වෙච්චි චීනය. එහේ ක්‍රිස්තු වර්ෂ 960 සහ 1200 කාලේ හිටිය ජින් පරම්පරාව සහ සොන්ග් පරම්පරාවේ අය හරක්ගේ ඇහැ වටේට රවුමට තියෙන හම කොටස ඇහි පිහාටු එක්කම කපලා අරගෙන රවුමට තියාන වේලලා අරගෙන පිරිමි අයට දෙනවලු මුද්දක් වගේ දාගන්න කියලා. අත පයේ ඇඟිලිවලට නෙවෙයි අනිත් ඇඟිල්ලට. එතකොට ලිංගික අවයවය ප්‍රාණවත් වීම තවත් වැඩි වෙනවා කියලා එයාලා විශ්වාස කරලා. ඒ වගේම අදහසක් නේද ඔය අද කාලේ තියෙන pennis ring වගේ එකක තියෙන්නේ. තව එතකොට චීනයේ විවිධ ශිෂ්ඨාචාරවලින් හොයාන තියෙනවා ගස්වල අතු සහ මුල් කපලා අරගෙන සුමට කරලා පිරිමි ලිංගයක් වගේ හැඩ කපලා සකස් කරපු ඩිල්ඩෝ. මේවා වැඩියෙන්ම පාවිච්චි කරේ සාමාන්‍ය කාන්තාවේ කියලයි විශ්වාස කරන්නේ. වංශවත් කාන්තාවන්ගේ පාවිච්චියට රන් හෝ රිදිවලින් හදලා සේද අල්ලපු ඒවා තියෙන්න ඇති.


අවුරුදු 2000 කට කලින් හැදුවා කියලා කාල නිර්ණය කරන්න පුලුවන් ලෝකඩවලින් හදපු පිරිමි ලිංගයක ආකෘතියක් හමුවෙලා තියෙනවා චීනයේ ජියැන්ග්සූ පළාතෙන්. වර්තමාන ශැංහයි නගරයට කිට්ටුව තිබුන පැරණි රජ කෙනෙක්ගේ සොහොනකිනුත් මේ විදියට ලෝකඩවලින් කරපු පිරිමි ලිංගයකට සමාන දෙයක් හමුවෙලා තියෙනවා. ඒකේ වැඩේ තියෙන්නේ එක කෙලවරක තියෙනවා ලෝකඩ මුදුවක් වගේ එකක්. මේ දෙක හොයා ගත්ත පුරාවිද්‍යාඥයෝ කියනවා මේ දෙකම අද කාලේ ඔය තියෙන butt plug කියන සෙක්ස් ටූල්ස්වලට සමානයි කියලා. එහෙම කියපු ගමන් හිතන්න එපා ඒ කාලේ චින්නුත් butt plug එහෙමත් ගහගෙන මේ සැප ලෝ..කේ….කියාන හිටියා කියලා. ඒ කාලේ ඇත්තටම මළ සිරුරු සොහොන්වල තැන්පත් කරන්න කලින් නහය කණ තව එතකොට ගුද මාර්ගය වගේ සිදුරුවලට විශේෂ උපකරණ ඇතුල් කරලා වහලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ මියගිය කෙනා දිව්‍ය ලෝකෙට යනකන් එයාගේ ශරීරයෙන් ජීව බලය පිට වෙන එක වලක්වන්න (චීන අය මේකට කියන්නේ chi කියලා – මතක ඇති කුන්ග්ෆු ෆැන්ඩා චිත්‍රපටියකත් ඔහොම එකක් තියෙනවා).

චීනයේ සමහර ශිෂ්ඨාචාරවලින් හොයාන තියෙනවා බුරුම බෝල කියලා හඳුන්වපු බෝල ජාතියක්. මේවා අද ඔය මියන්මාරය කියලා හඳුන්වන බුරුම රටට අයිති ප්‍රදේශවල හිටිය ආවේණික පක්ෂියෙක්ගේ ශුක්‍රාණු තැන්පත් කරලා හදපු තිබ්බටු ගෙඩි සයිස් චූටි බෝල ජාතියක්. ඒ කුරුල්ලට ඉතාම ඉහළ ලිංගික ශක්තියක් තියෙනවා කියලා චීනයේ මින්ග් පරම්පරාවේ පිරිමි අය විශ්වාස කරා. එතින් එයාලා අර බුරුම බෝල ලිංගික අවයවයේ කොයි වෙලෙත් එල්ලගෙන හිටියලු. ඕක ගැන සෑහෙන්න හොඳ සටඩි පේපර් එකකුත් මම කාලෙකට කලින් කියෙව්වා. ඒකේ කියලා තිබුනේ අර කුරුල්ලාගේ ශුක්‍රාණු ගැන කතාව කෙසේ වෙතත් සංසර්ගය වෙලාවෙදි මේ බෝල පිරිමියාග් ඇඟට සහ කාන්තාවගේ යෝනියට තද උනාම ඒක කාන්තාවට අමතර සතුටක් වෙන්න ඇති කියලා. තව එතකොට ඔය අද කාලේ තියනවනේ double headed dildo එහෙම කියලා වර්ග. ඒවා කාන්තාවෝ දෙන්නෙක්ට එක පාර පාවිච්චි කරන්න පුලුවන්. 12 වෙනි ශත වර්ෂයේදි හදපු එකක් කියලා විශ්වාස කරන මේ ජාතියේ ඩබල් හෙඩඩ් ඩිල්ඩෝ වගේ එකක් චීනයෙන් හොයාගෙන තියෙනවා. හම්මෝ ඒක…බලන්නකෝ ෆොටෝ දාලා තියෙනවා පහළින්.

එතකොට ඔය අද කාලේ අපි පෙන් ඩ්‍රයිව් එක යාලුවෝ එක්ක හුවමාරු කරගන්නවා තරම් සරලව පැරණි ග්‍රීසියේ ගෑනු මනුස්සයෝ සෙක්ස් ටෝයි හුවමාරු කරගෙන තියෙනවනේ. ඔය හෙරෝඩස් කියලා කවියෙක් ක්‍රිස්තු වර්ෂ 03 වෙනි ශත වර්ෂයෙදි ලියපු කවි පන්තියක් තියෙනවා. මේකේ තියෙන්නේ එහෙම එක්ස්චෙන්ජ් එකක් කරන්න කතා කරපු නෝනලා දෙන්නෙක් ගැන. ඔන්න ඒකේ මිට්‍රෝ කියලා ගෑනු කෙනෙක් කොරිට්ටෝ කියන ගෑනු කෙනා ලඟට ඇවිත් කියනවා “හනේ අක්කේ තියනවනම් මට ඩිල්ඩෝ එක ටිකකට දියන්” කියලා. එතකොට කොරිට්ටෝ කියනවා “ගේ හරියේ බෙහෙතකටවත් ඩිල්ඩෝ එකක් නෑ නංගියේ. මගේ අලුත්ම අලුත් ඩිල්ඩෝව එක පාරක්වත් පාවිච්චි කරන්න කලින් ඉයුබොයුලා ඒක ගෙනිච්චා. ඒ ගෙනිච්චමයි තාම ගෙනත් දුන්නේ නෑ” කියලා. ඊලඟට දෙන්නම රෙදි කරේ තියන් යනවා ඉයුබොයුලා හම්බෙන්න. ගිහින් අහනවා “කොහෙදෑ පරට්ටියේ අපේ ඩිල්ඩෝ එක?” කියලා. එතකොට ඉයුබොයුලා කියනවා “අනේ බලන්නකෝ අක්කි, අර එහා වත්තේ නෝසිස් මං එපා කියද්දි ඒක ගෙනිච්චනේ” කියලා. ඔහොම සිද්ධියක් තමා ඒ කවි පන්තියෙ තියෙන්නේ.


ග්‍රීසිය කිව්වාම තව මතක් වෙන කතාවක් තමයි පැරණි ග්‍රීක ශිෂ්ඨාචාරවල භාවිත වෙලා තියෙනවා olisbokollix කියලා ටූල්ස් ජාතියක්. මේවා මේ පාන් වලින් හදපු සෙක්ස් ටෝයි එකක් කිව්වම විශ්වාස කරන්න හොඳේ. ඔය දැන් කාලේ විකුණන්න තියෙන්නේ baguette කියලා දිගටි තද ප්‍රංශ පාන් වර්ගයක්. අන්න ඒ වගේ එකක් ඔය කියන olisbokollix. ඒ කාලේ ග්‍රීසිය කියන්නේ rainbow society එකක්. ඒ කියන්නේ ඔය අද කාලේ අපි අතරේ තියෙනවා වගේ මම විෂමලිංගික, එයා සමලිංගික වගේ heterosexual – homosexual භේද ඒ කාලේ තිබුනේ නෑ. කැමති කෙනා එක්ක ඉන්න කැමති විදියට ලිංගිත්වය විඳින ඒ අතින් හරිම නිදහස් සමාජයක් ඒක.


එංගලන්තේ හිටියා හත්වෙනි එඩ්වර්ඩ් කියලා රජ කෙනෙක්. හත්වෙනි එඩ්වර්ඩ් රජතුමා ඇවිල්ලා වික්ටෝරියා රැජිනගෙ පුතා. වික්ටෝරියා රැජිනගෙන් පස්සේ රජ උනේ එයා. මෙයා ගොඩාක් මහත දෙහෙත කෙනෙක්. ඒ උනාට මොකද කසාද නෝනාත් එක්ක වගේම තවත් කාන්තාවෝ බර ගාණක් එක්ක හරි හරියට එව්ව මෙව්වා කරපු කෙනෙක්. ඉතින් මහතත් එක්ක වැඩිය වැඩ දාන්නත් බැ…සද්දන්ත ශරිරයට යට වෙලා ගෑනුන්ට ලේසියකට දරාගෙන ඉන්නත් බෑ…කොහොමද හිතේ ආසාව යනකන් සෙක්ස් කරන්නේ කියලා රජතුමා නිතර කල්පනා කරා. ඒ කරලා එයා හදව ගත්තා විශේෂ පුටුවක්. පුටුවක් කිව්වට ඒක ටිකක් මේසයක් සහ හාන්සි පුටුවක් වගේ. අදාළ කාන්තාව ඇවිත් ඒකේ හාන්සි වෙලා වගේ ඉඳගෙන දෙපැත්තට තියෙන කරු දෙකක් වගේ තැන්වල කකුල් දෙකත් රඳව ගන්නවා. එතකොට කකුල් දෙකත් නිසි පිලිවෙලට ඈත් වෙලා රජතුමාට යන්න ඕන මාර්ගය විවෘත වෙනවා. රජාට තියෙන්නේ පුටුවේ පිටි පස්සේ ඇඳි දෙකට අත් තියලා බර වෙලා ඉන හිමීට හොලවන්න. මේකට කියලා තියෙන්නේ Royal seat of love කියලා. ආයේ වෙන අමුතු අමුතු සෙක්ස් පොසිෂන්ස් නැ ඕක තමයි ස්ටයිල් එක එතුමාගේ. ඒකේ ෆොටෝ එකක් දාලා තියෙනවා පහළින්, බලන්න හොඳේ.


ඊට පස්සේ ඔන්න 1800 – 1900 කාලේ ආවා Hand-crank vibrators කියලා සෙක්ස් ටූල්ස් ජාතියක්. මේක ඔය අද තියෙන ස්වයංක්‍රීය වයිබ්‍රේටර්ස් වගේ නෙවෙයි භාවිත කරන කෙනා පොඩි මහන්සියක් යොදලා එයාම ක්‍රියාත්මක කරන්න ඕන. එක අතකින් වයිබ්‍රේටර් එකේ කෙලවරක් අල්ලගෙන අනිත් කෙලවර ශරීරයේ අදාළ තැනට තියලා උපකරණයේ පැත්තක තියෙන කෑල්ල අල්ලලා කරකවන්න ඕන ඔය ලෑන්ඩ් මාස්ටර් ට්‍රැක්ටර් ස්ටාර්ට් කරනවා වගේ. මේවා ඒ උපකරණ භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් පොත් පිංචකුත් එක්ක ආපු වාණිජ වශයෙන් කෙරුණ නිෂ්පාදන. පැයකට වයිබ්‍රේෂන්ස් 5000 ක් විතර දෙන්න පුලුවන්ලු මේ උපකරණයෙන්. මේකේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා. ඒක බලන්නම වටින එකක්. විශේෂයෙන් ඒ උපකරණයේ මැනුවල් එක.


තව එතකොට සෙක්ස් ටූල්ස් සහ ටෝයිස් තවත් ටිකක් දුර දිග ගිහින් කට්ටිය හදාගන්නවනේ සෙක්ස් මැශීන්ස්. සෙක්ස් මැශීන්ස් කියන්නේ යන්ත්‍රයක්. යන්ත්‍රය හරහා යාන්ත්‍රික ශක්තියෙන් ඩිල්ඩෝ එකක් හරි වයිබ්‍රේටර් එකක් හරි ක්‍රියාත්මක වෙනවා. අත පාවිච්චි කරන්න ඕනම නෑ. මේ වර්ගේ යන්ත්‍රයක් ගැනත් කියලා අද කතාව ඉවර කරන්නම් හොඳේ. මේ වර්ගේ සෙක්ස් මැශීන් එකක් ඉස් ඉස්සෙල්ලාම හදලා තියෙන්නේ 1869 අවුරුද්දෙදි ඇමරිකානු වෛද්‍යවරයෙක් උන ජෝර්ජ් ටයිලර් කියන මහත්තයා. මේ කාලේ හරියට විදුලිය භාවිතය වත් ප්‍රචලිත වෙලා තිබ්බ කාලයක් නෙවෙයි. ඒක නිසා ටයිලර් දොස්තර තැන මේ යන්ත්‍රය හැදුවේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වෙන්න. වතුර දාලා රත් කරලා ගන්න ඕන මැශින් එක පාවිච්චි කරන්න නම්. දැක්කමත් බය හිතෙනවා. ඔන්න ඒවයේ ෆොටෝ එහෙමත් දාලා තියෙනවා පහළින්…ඒවත් බලන්න.

මම මාධවී.
BEDROOM TALKS ෆේස්බුක් පිටුවෙන් කර්තෘ අවසර සහිතව සිදුකරන පළකිරීමකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles