Sunday, May 19, 2024

එජනිස ට එක්වෙන්න තවත් පක්ෂ සූදානමින්

එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වීමට තවත් පක්‍ෂ කීපයක් සූදානමින් සිටින බව එහි මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.  

එම පක්‍ෂ ද එක්කරගනිමින් ඉදිරි මැතිවරණයකට වුවත් තරඟ කිරීමේ බලාපොරොත්තු ඇතිව ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම ගමනේදී රජය ගෙනයන වැඩපිළිවෙලට බාධා කරන්නේ නැතැයි කී මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ ද රජය සමඟ කටයුතු කරන පක්‍ෂ බව ප්‍රකාශ කළේය.

රජයේ අඩුපාඩුවක් ඇත්නම් ඒවා පෙන්වා දෙමින් රට දියුණු කරන වැඩපිළිවෙලකට යාමට අවශ්‍ය විශේෂ යෝජනාවලියක් සකස් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා කීවේය.

ආර්ථික අර්බුදය, වසංගත තත්වය ගැන සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කරමින් රජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව කී ඇමතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (15) සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදී ද මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles