Thursday, February 27, 2025

ඇඳිරි නීතිය කලින් දැම්මා නම් ජීවිත රැසක් රැකගන්න තිබුණා

එක්සත් ජාතික පක්ෂය මුල සිටම පැවසූ ආකාරයට අදින් මාසයකට පෙර හෝ මාස එකහමාරකට කලින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවා නම් අහිමි වූ ජීවිත වලින් බාගයක්ම බේරා ගැනීමට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ඇඳිරි නීතිය දැමීමෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වුවත් තවත් සතියකට නිරෝධායන ඇඳිරි නීතිය දිගු කළ යුතු බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදී රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles