Saturday, September 21, 2024

ඇඳිරි නීතිය දිඟු කිරීමේ තීරණය හෙට

පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අනුව 30 වැනිදායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව සිකුරාදා දිනයේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව හෙතෙම කීවේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නොලැබෙන බවද ඒ මහතා කියා සිටියේය.

සංචරණ සීමා පැන වූයේ ජනතාවගේ සංචරණය සීමා කර අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් වන අතර වයිරසය පැතිරීම වැළැක්විය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තුළින් බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත් එසේ නොවුණ හොත් ඉදිරියට ද රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් දැකීමට නොහැකි වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles