Friday, September 20, 2024

ඇමති ඩලස් මහාචාර්ය නීලිකාගෙන් සමාව ඉල්ලයි!

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිදු කළ ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදුවූ හානිය පිළිබද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඒ පිළිබදව නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලු බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්.

ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කළා.

එම නිසාම ඇය විසින් කළ ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා.

එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි. එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා.

එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles