අමිපාර රජවැව ගොවීන් ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ දෙපා සත්තු කියමින් ඇමති බැනවදී.

0
330

අම්පාර රජවැව ආසන්නයේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පැමිණි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ප්‍රදේශයේ ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

වී වගාව සඳහා රජවැවෙන් ජලය ලබාගන්නා ඇළ මාර්ගය හරස් කර මෙම විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘතියට ජලය ලබාගැනීම පිළිබඳව ගොවීන් දැඩි විරෝධය පළ කළ අතර අවසානයේ ඇමතිවරයාට සිදුවූයේ ගොවීන්ගේ හූ හඬ මැද ආපසු හැරී යාමටය. 

එම ස්ථානයෙන් ඉවත්ව ගිය ඇමතිවරයා වෙනත් ස්ථානයකදී මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ තමන්ට හූ කියුවේ මිනිසුන් වීමට නොහැකිය, ඔවුන් දෙපා සතුන්ය යනුවෙනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here