ඇමරිකාවේ, ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 ජීවිතක්ෂයට

0
547

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ළමයින් අට දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ. තෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

අමෙරිකාවේ ගින්නකින් ළමුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

“මෙය සියවසකට වැඩි කාලයක් තුළ නගරයේ ඇති වූ දරුණුතම ගින්න වන බවත්අ එය අපගේ නගරයේ ඉතිහාසයේ කණගාටුදායකම එකක් බවට සැකයක් නැත” යනුවෙන් නගරාධිපති ජිම් කෙනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here