Monday, May 20, 2024

ලොව සුපිරිම ටෙනිස් ක්‍රීඩකයාව ඔිස්ට්‍රේලියාවෙන් නෙරපයි ?

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ.

ඔිස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් ගුවන්තොටුපොළේ රැඳී සිටි ජොකොවිච් ට එරට බලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කර නොමැති බවය.

ඒ අනුව ඔහුව එරටින් නෙරපීමට නියමිත බව විදෙස් මාධ්‍ය පැවසීය.

එරටින් පිටත්වන ගුවන්යානයක ආසනයක් වෙන්කරන තුරු ජොකොවිච් ව රජය මගින් පාලනය වන රැඳවුම් මධ්‍යස්ථානයක් කරා යැවීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා ඔහුට “එන්නත් ලබා නොගැනීම” හේතුවෙන් සහනයක් දීමට එරට ටෙනිස් බලධාරීන් එකඟ වී තිබුණි.

නමුත් ඊට ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

ජොකොවිච් කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක් වන අතර ඔහුට වරක් කොවිඩ් ආසාදනය විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ සියලු දෙනාට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බවය.

නමුත් ජොකොවිච් ගේ මව් රට වන සයිබීරියාවේ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළවී තිබේ.

සයිබීරියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූචික් පැවසුවේ ජොකොවිච් ට හිංසා කිරීමක් කෙරෙන බවත් තම රටේ සියලුදෙනා ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් ය.

ඔස්ටේ‍්‍රලියාවට ඇතුලුවීම සඳහා ආගමන නීති නිසි ලෙස සපුරා නොතිබීම හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එන්නත්කරණයට ලක්ව නොසිටීම හමුවේ සර්බියානු ක්‍රීඩක ජොකොවිච්ට ඔස්ටේ‍්‍රලියාවට ඇතුලුවීමට අවසර දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද මතුවී තිබුණා.

ඔස්ටේ‍්‍රලියානු ආගමන විගමන නිර්දේශ අභියෝගයට ලක් කිරීමට ජොකොවික් සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නොවැක් ජොකොවික් මේ වනවිට මෙල්බන් නුවර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය එළැඹෙන 17 වනදා සිට 30 වනදා දක්වා මෙල්බන් නුවරදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles