Tuesday, November 19, 2024

ඇමරිකාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව වෙතින් පුටින්ට සහ ලැව්රොව්ට පුද්ගලික සම්බාධක පනවති

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර ජාතීන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහ ඔහුගේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට පුද්ගලික සම්බාධක පැනවීමට නියෝග කර තිබේ.

ඒ අනුව එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල ඇති මොවුන් දෙදෙනාගේ වත්කම් අත්හිටුවීම මෙමඟින් සිදුවනු ඇති අතර, මෙයට අමතර ව එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් ද පනවා ඇති බව වාර්තා වේ.

ව්ලැඩිමීර් පුටින්ගේ සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ වත්කම් අත්හිටුවා ඇති අතර, එම නම් දෙක යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සහ විදේශ ඇමති සර්ජි ලැව්රොව්ගේ වත්කම් තහනම් කිරීමට පුටින් සහ ලැව්රොව් සංචාරක තහනමකට යටත් නොවන අතර සංකේතාත්මක රාජ්‍යතාන්ත්‍රික හැකියාවන් විවෘතව තබා ගැනීමට යුරෝපා සංගමය උත්සාහ දරමින් සිටින බවයි.

රුසියානු බැංකු සහ කර්මාන්තවලට එරෙහි පියවර ගණනාවක් සමඟින් අද පස්වරුවේ මෙම සම්බාධක පැකේජය අනුමත කිරීමට විදේශ අමාත්‍යවරුන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම පියවරෙන් අදහස් වන්නේ මූල්‍ය ආයතනවල සහයෝගීතාවයේ මට්ටම මත මෙය රඳා පවතින නමුත් යුරෝපා සංගමය පදනම් කරගත් බැංකුවලට අරමුදල් ලබා දීම තහනම් වනු ඇති බවයි.

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් පියවර ගැනීම හේතුවෙන් මෙලෙස ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළ බවයි යුරෝපා සංගමයේ දේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සංගමයේ ඉහළ නියෝජිත ජෝසෙප් බොරෙල් සඳහන් කර සිටියේ.

බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගෙන් පසුව යුරෝපා සංගමය විසින් පුද්ගලිකව අනුමත කරන ලද සම්බාධක පැනවූ තුන්වන රාජ්‍ය නායකයා පුටින් බව බොරෙල් සඳහන් කළේය.

මේ අතර ඇමරිකාව ද විසින් ඉදිරි පැය කිහිපයේදී රුසියානු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ රජයේ ඉහළ පෙලේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ඇමරිකා එක්සත් ජනපදය ද සිරියා ජනපති බෂාර් අල් අසාද් සහ වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මදුරෝ වෙත මින්පෙර සම්බාධක පනවා තිබේ.

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහි ප්‍රහාර දියත් කර දින දෙකක් ගතවන විට මෙම සම්බාධක ද පැනවීමට තීරණය කර ඇත්තේ මේ වනවිට රුසියාවට එහි ආර්ථිකයට, බැංකු පද්ධතියට සහ ව්‍යාපාරිකයන්ට එරෙහිව විවිධ සම්බාධක පනවා තිබිය දීය.

මෙලෙස සම්බාධක පනවනු ලැබූ නමුත්, මෙම සම්බාධක කොයිතරම් දුරට ඔවුන් වෙත බලපෑමක් ඇතිකරනු ලබන්නේ ද යන්න තීරණය වනුයේ ජනාධිපති පුටින් සහ අමාත්‍ය ලැව්රොව්ගේ වත්කම් කොපමණ ප්‍රමාණයක් එම රටවල සහ යුරෝපා සංගමයේ තිබේ ද යන ප්‍රමාණය මතයි.

යුරෝපා සංගමය ඊයේ දින තෙවන වටයටත් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබූයේ ආර්ථිකය, තාක්ෂණය සහ වීසා ක්‍රමය ආදී ලෙස අංශ පහක් පිළිබඳ ව සලකමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles