ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය සිතා මතා එල්ල කළ එකක්ද?

0
717

සිරියාවේ අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව සටන් වදින සිරියානු හමුදා කණ්ඩායමට එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් සෙබළුන් 62 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව සටන් වදින නැගෙනහිර සිරියාවේ ඩීර් අල් සෝර් නම් ප්‍රදේශයේ සටන් වදින සිරියානු හමුදා කණ්ඩායමක් වෙතටය. මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

සිරියාව තුළ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ඒකාබද්ධ ප්‍රහාරයන් උත්සන්න වී ඇති අතර රුසියානු සහාය ලබන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පක්ෂ හමුදාව අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන අතර ඇමෙරිකාව සහාය ලබා දෙන්නේ අසාද් පාලනයට එරෙහිව සටන් වදින් කණ්ඩායම් වෙතටය.

කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාරය ඇමෙරිකාව හිතාමතාම එල්ල කළ එකක්ද යන්න පිළිබඳව සැක පහළ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here