Saturday, May 18, 2024

STF ලොක්කෙකුටත් වාහන අවභාවිතා චෝදනා

පොලිස් විශේෂ කාර්ය බලකයේ හිටපු සේනාවිධායකයෙකු වන විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පති කේ.එම්.එල්. සරච්චන්ද්‍ර මහතා රජයේ වාහන අවභාවිතා කර ඇති බවට ලැබී ඇති පැමීන්ල්ලක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ඔහුව විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇති බවද වාර්තා වේ.

‍පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 2013 වසරේදී ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ යම් තනතුරක් ඔහුට හිමිව තිබේ.

ඒ අනුව ඔහු එතෙක් පරිහරණය කළ ‍පොලිස් විශේෂ කාර්ය බලකායේ මෝටර් රථය ඇතුළු තවත් වාහන කිහිපයක් රැගෙන ගොස් ඇත.

එහෙත් 2015 ජනවාරි 09 වෙනිදායින් පසු එම තනතුරු අහෝසි වී ගියද අදාළ වාහන භාර නොදී කාලයක් පරිහරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුවන බව වැඩිදුරටත් වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles