Sunday, September 8, 2024

ඇවන්ට් ගාර්ඩ් ගැන කතා කිරීම නවත්තන්න වෙයි – රන්ජන්

ඇවන්ට් ගාර්ඩ් සිදුවීම විවේචනය කරමින් සිටින අවස්ථාවේ තමන්ට අගමැතිවරයා දුරකතන ඇමතුමක් දී ඒ පිළිබඳව විමසූ බවත්, ඇතැම්විට ඉදිරියේදී අගමැතිවරයා විසින් තමන් ඇවන්ට් ගාර්ඩ් පිළිබඳ කතා කිරීම නවත්වන ලෙසට කියාසිටිනු ඇතැයි රන්ජන් රාමනායක පවසයි.

පුද්ගලික නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඇවන්ට් ගාර්ඩ් ගනුදෙනුවේ ඇති වංචා තමන් විසින් එළිදරව් කිරීමට ක්‍රියාකලත් ආණ්ඩුව තුලම මේ සිදුවීම සම්බන්ධව පිල් කීපයක් බෙදී ඇති බැවින් තත්ත්වය බරපතල වී ඇති බව සඳහන් කලහ.

“මට අගමැතිතුමා මුල්ම වතාවේ කතා කරලා බොහොම සන්සුන් විදිහට ඇහුවා ඇයි රන්ජන් මෙච්චර ඇවන්ට් ගාර්ඩ් එක ගැන කතා කරන්නේ කියලා..ඒත් ඒ ගැන කතා කරන එක නවත්වන්න කිව්වේ නෑ..සමහරවිට අද මෙහෙම කිව්වම හෙට කතාකරලා කියාවි මට මේ ගැන කතාකරන එක නවත්තන්න කියලා..එතකොට මට කතා කරන එක නවත්තන්න වෙයි..“

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා සමග පවතින ගැටුම  පිළිිබඳව අදහස් දැක්වූ රාමනායක මහතා කියා සිටියේ එය මාධ්‍ය ආයතනයක් මගින් ඇතිකල ගැටුමක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles