ඇළේ මාලූ බාමින් සිටින තරුණයකුට කළ අවවාදයක් නිසා ස්වාමින් වහන්සේට පහරදීලා

0
793

වැලිගම” ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය අසල ඇළේ මාලූ බාමින් සිටින තරුණයකුට කළ අවවාදයක් නිසා බීමත්ව පැමිණි පස්දෙනකුගෙන් සමන්විත මැර පිරිසක් තමන් වහන්සේට පහර දුන්නා යැයි සඳහන් කරමින් හිමිනමක් වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
 
 තම විහාරස්ථානය අසල තිබෙන ඇළ අසළට පැමිණ එහි සිටින මාළු ඇල්ලීමෙන් අකුසල් සිදුවන බව කියා නිතරම ප‍්‍රදේශයේ ජනතාව දැනුවත් කරන බවය. එසේ වුවද සවස් කාලයේ තරුණයකු පැමිණ ඇළෙහි සිටින මාළු ඇල්ලීම සිදු කරන අවස්ථාවේ උන්වහන්සේ එම ස්ථානයට ගොස් එහි ආදීනව කියා අවවාද කර තිබේ. ඉන් අනතුරුව සැන්දෑවේ ඔහු සමග තවත් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් බීමත්ව පැමිණ පහරදී ගිය බවත් උන්වහන්සේ පොලිසියට පැමිණිලි කර තිබේ. හිමිනමට පහරදීම් සිදු කල පුද්ගලයන් කවුරුන් දැයි සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙම පහරදීම් සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු වැලිගම මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක ඞී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ කටයුතු සිදු කරයි.වැලිගම – ලලිත් පත්මසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here