ඇෆ්ගනිස්තානයේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වැසෙයි!

0
512
Afghan girls sit in a classroom at a school in Kabul, Afghanistan, September 18, 2021. WANA (West Asia News Agency) via REUTERS ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY. - RC24SP996PQP

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට පෞද්ගලික අධ්‍යාපන ආයතන සියයට 50කට වඩා වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට පෞද්ගලික අධ්‍යාපන මධ්‍යස්ථාන සංගමය සදහන් කරන්නේ, මොලස පෞද්ගලික අධ්‍යාපන ආයතන වැසී යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එරට ජනතාවගේ ආර්ථික තත්වය පිරිහීම බවයි.

මෙි හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පෞද්ගලික අධ්‍යාපන ක්⁣ෂේත්‍රය ඉදිරියේදී තවදුරටත් කඩා වැටීමට ලක්වනු ඇති බව එරට වාර්තා පවසයි.

පසුගිය වසරේ පළාත් 34ක ළමයින් ලක්ෂ දෙකක් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග සදහා සහභාගී වුවද මෙවර එය කැපී පෙනෙන ලෙස පහළ යනු ඇතැයි පැවසේ.

තලේබාන් පාලනය විසින් ගැහැණු දරුවන්ට අධ්‍යාපනය තහනම් කිරීම මීට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here