ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි.

0
387

ඇෆ්ගනිස්තාන භූමිය ත්‍රස්තවාදීන්ගේ නවාතැන්පොලක් හෝ පුහුණු කදවුරක් වීමට ඉඩ නොතැබිය යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ මෙම යෝජනාවට සාමාජික රටවල් 15 අතරින් 13 ක් පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

රැසියාව සහ චීනය යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබේ.

යෝජනාව මගින් පසුගියදා කාබුල්හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාර දෙක හෙළා දැක ඇති අතර තලේබාන් සංවිධානය ඒවා⁣ට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.

ඇෆ්ගනිස්තානය තුල මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙන්ම විදේශිකයන්ට සහ රටින් පිටවීමට කැමති ඇෆ්ගනිස්තාන වැසියන්ට ඒ සදහා ආරක්ෂිතව පිටව යාමට ඇති අයිතිය තහවුරැ කළ යුතු බවද අදාළ යෝජනාව මගින් අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here