Friday, May 17, 2024

අක්කට 43යි! මල්ලිට 38යි! කොරෝනා හැදිලා දෙන්නම ගේ ඇතුළේ මැරිලා!

පූගොඩ, යකඹේ ප්‍රදේශයේ නිවසක් තුළ කොරෝනා ආසාදිතව මියගිය එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙකුගේ සිරුරු අද (03) සොයාගෙන තිබේ.

43 හැවිරිදි අවිවාහක සහෝදරිය ඇඟලුම් සේවිකාවක් වශයෙන් සහ ඇයගේ 38 හැවිරිදි සොහොයුරා ත්‍රිරෝද රථ රියදුරෙක්ද ලෙසද සේවය කර තිබුණි.

ඔවුන් දෙදෙනා ඊයේ (02) රාත්‍රීයේ උදරයේ අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන නින්දට ගොස් තිබුණු බව ඔවුන්ගේ ඥාතියෙක් සඳහන් කළේය.

එම ඥාතියා ඖෂධ රැගෙන අද උදෑසන එම නිවෙසට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා බිම වැටී මියගොස් සිටි අයුරු දැක අදාළ අංශ දැනුවත් කර තිබේ.

පසුව මෘත දේහ වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles