ඇෆ්ගනිස්තාන නිතිඥ සංගමයත් තලේබාන්වරුන්ගේ පාලනයට.

0
356
Taliban forces patrol in front of Hamid Karzai International Airport in Kabul, Afghanistan, September 2, 2021. REUTERS/Stringer - RC2NHP9X1F0R

ඇෆ්ගනිස්තාන ස්වාධීන නීතිඥ සංගමය තලේබාන් සංවිධානය විසින් සිය පාලනය යටතට ගෙන තිබෙි.

මෙම සංගමය පවත්වාගෙන ගිය ඇෆ්ගනිස්තාන නීතිඥවරුන් බොහොමයක් පසුගිය කාලසීමාවේදී රට හැර ගොස් ඇති බව පැවසේ.

ඒ අනුව පසුගියදා එහි කාර්යාලයට ඇතුළු වූ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් එය තමන් යටතට ගෙන ඇතැයි ටෝලෝ නිවුස් වාර්තා කරයි.

එරට අධිකරණය අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් බෂාර් පවසා ඇත්තේ, ඇෆ්ගනිස්තාන නීතිඥ සංගමය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොව තම අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here