ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පකිස්ථානය සහතික විය යුතුයි – මලාලා යූසුෆ්සායි

0
561

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පකිස්ථානය සහතික විය යුතු බව නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි සඳහන් කළාය .

පකිස්ථාන සමාජ ක්‍රියාකාරිනි මලාලා යූසූෆ් පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය, එරට සාමය සහ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් ලෙස නොව, මුළු කලාපයේම සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස දැකිය යුතු බවය.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමට, පකිස්ථානය ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ යුතු බව ද ඇය පෙන්වා දෙයි .

මලාලා යූසූෆ් පවසන්නේ,, ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන්ගේ සහ තරුණියන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිමින් අඛණ්ඩව ඔවුන්ට අධ්‍යාපනය ලැබීම කෙරෙහි තලේබාන් සංවිධානයට, පකිස්ථානය බලපෑම් කළ යුතු බවයි.

“ඇෆ්ගනිස්ථානයේ අනාගත බාලිකා අධ්‍යාපනයට සහය වීම” මැයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති ඔන්ලයින් හමුවකට එක්වෙමින් මලාලා යූසූෆ් මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here