Sunday, May 19, 2024

කොරෝනාවේ මුල ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්- ලෝක බලවතුන් දෙදෙනෙකුගේ වැඩක්

ලොවම දණගැස්වූ මාරාන්තික කොරෝනා වසංගතය පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් කර තිබේ.

නිර්නාමික අයකු විසින්, මේ පිළිබද විමර්ශන කරන ස්වාධීන කණ්ඩායමට කාන්දු කරන ලද ලිපිගොනුවට අනුව මෙම ව්‍යාපෘතිය චීනය හා අමෙරිකාවේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

මෙම වසංගතය මතු වීමට මාස 18 කට පෙර චීනයේ වුහාන්හි විද්‍යාඥයින් විසින් වවුලන් තුළට කොරෝනා වෛරස් මුදා හැරීමට සැලසුම් කළ බව එම ලිපිගොනුවෙන් අනාවරණය වී තිබේ.

චීනයේ වවුලන් සහ කොරෝනා වයිරස් සම්බන්ධ මෙම අවදානම් සහිත පර්යේෂණ කිරීමට විද්‍යාඥයන් සැලසුම් කර තිබී ඇත්තේ ඩොලර් මිලියන ගණනක පිරිවැයක් දරමිනි.

මෙම ලිපිගොනුව මුදාහැර ඇත්තේ කොවිඩ්-19 පිළිබඳ සොයාබැලීමේ විමධ්‍යගත රැඩිකල් ස්වාධීන සෙවුම් හා ගවේෂණ කණ්ඩායම ‍(DRASTIC) විසිනි. ඔවුන් වෛරසයේ මූලාරම්භය විමර්ශනය කරන ගෝලීයව සබැඳි ක්‍රියාකාරී කණ්ඩායමකි.

මෙම වාර්තාව නිර්‍නාමිකව රහසිගතව හෙළි කරන්නෙකු විසින් කාන්දු කළ බවට කණ්ඩායම කියයි. එක්සත් රාජධානියේ ටෙලිග්‍රාෆ් පුුවත් කියා සිටියේ ට්‍රම්ප් පරිපාලනයේ හිටපු සාමාජිකයෙකු මෙම යෝජනාව සත්‍ය බව තහවුරු කර ඇති බවයි.

එම පත්‍රිකා වල දැක්වෙන්නේ වුහාන් සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයින් විසින් මෙය සැලසුම්සහගතව කරන ලද්දක් බවයි.

මිනිසුන්ට බෝවිය හැකි රෝගවලට එන්නත් ලබා දීම වෙනුවෙන් චීන වවුලන් තුළට කොරෝනා වයිරස් අංශු මුදා හැරීමට එහිදී සැලසුම වී ඇත. ව්‍යපෘතිය සඳහා අරමුදල් සැපයීමට ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සියෙන් (DARPA) වෙතින් ඩොලර් මිලියන 14 ක් ඉල්ලා සිටි බව ද එම පත්‍රිකාවල දැක්වේ. ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය යනු එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයකි.

2018 දී යෝජනාව වී ඇත්තේ ‘මිනිස් සෛල ප්‍රතිග්‍රාහක සමඟ සම්බන්ධ වන ස්පයික් ග්ලයිකොප්‍රෝටීන සංස්ලේෂණය කර SARSr වැනි රෝගයක් ඇති කළ හැකිදැයි තක්සේරු කිරීම සඳහා ඒවා SARSr-CoV කොඳු ඇට පෙළට ඇතුළු කිරීමටයි.’

මෙම යෝජනාව යටතේ විද්‍යාඥයින්ට අවශ්‍ය වූයේ ජානමය වශයෙන් වැඩි දියුණු වන වාතයෙන් බෝ වන “නව චිමරික් ස්පයික් ප්‍රෝටීන්” අඩංගු කොරෝනා වෛරස් අංශු චීනයේ යුනාන් හි ගුහා වවුලන් අතර මුදා හැරීමටය. එමෙන්ම මෙම වවුල් කොරෝනා වෛරසය “මානව විශේෂිත බෙදීම් ඇති ස්ථාන” හඳුන්වා දීමෙන් මිනිසුන්ට පහසුවෙන් ආසාදනය වන පරිදි කොරෝනා වෛරස් වෙනස් කරවීමට ය.

මෙම පර්යේෂණය පිටුපස තිබු අදහස වූයේ කොරෝනා වෛරස් මඟින් ඇති විය හැකි අවදානම් සොයා ගැනීම මෙන්ම බෝවීම වැළැක්වීමේ ක්‍රම සහ රෝගයට එරෙහි එන්නත් ලබා දීමයි.

එය ඉදිරිපත් කළේ  ඊකෝහෙල්ත් සන්ධානයේ පීටර් ඩසාක් විසිනි. පසුව ඔහු කොවිඩ් -19 විමර්ශනය කිරීම සඳහා වුහාන් බලා ගිය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ කණ්ඩායමට ද එක් විය.

කෙසේ වෙතත්, සැලකිය යුතු දුර්වලතා හඳුනාගෙන තිබූ හෙයින්, ඒ කාලය තුළ එයට අරමුදල් සැපයීමට ඩාර්පා හි ජීව විද්‍යා තාක්‍ෂණ කාර්‍යයාලය නිර්දේශ නොකළේය.

එම දුර්වලතා වලින් සමහරක් යෝජනාවට ඇතුළත් විය. මෙම කාර්යයයේ ලාභය පිළිබඳ පර්යේෂණ හෝ අදාළ ගැටළු පිළිබඳ ද්විත්ව භාවිත පර්යේෂණ, එනම් “විය හැකි අවදානම් ගැන සඳහන් නොකර හෝ තක්සේරු නොකර” තිබීම එකකි. අනෙක නම් අවදානම් අවම කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අසමත් වීමය.

“මෙම යෝජනාව සදාචාරාත්මක, නෛතික හා සමාජීය ගැටලු ගැන කිසිසේත් ආමන්ත්රණය කරන්නේ හෝ සාකච්ඡා කරන්නේ නැත”, යන්නද ප්රතික්ෂේප කිරීමටට හේතුවක් ලෙස දක්වා තිබේ.

‘පීටර් ඩසාක්ගේ නායකත්වයෙන් යුත් යෝජිත ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය ප්‍රජාවන් අවදානමට ලක් කළ හැකි බව පැහැදිලිය.’ යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් ය.

ඩ්‍රැස්ටික්ට අනුව, මෙම සැලැස්ම වුහාන් වෛරස් විද්‍යා ආයතනය (ඩබ්ලිව්අයිවී) සමඟ එක්සත් ජනපදය පදනම් කරගත් ඊකොහෙල්ත් සන්ධානය (ඊඑච්ඒ) විසින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් බව ලේඛනවල දැක්වේ.

ඩ්‍රැස්ටික් පවසන්නේ මෙම ආයතන විසින් 2018 වර්ෂයේදී ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සියට ඉදිරිපත් කරන ලද ප්‍රධාන යෝජනාවකින් පැහැදිලිවම ජයග්‍රහණය ලෙස සුදුසුකම් ලැබිය හැකි උසස් හා භයානක මානව ව්‍යාධිජනක වෛරස් පර්යේෂණ සිදු කිරීමට උත්සාහ කළ බවයි.

ක්‍රියාකාරීත්වයේ කාර්යසාධන (ගොඑෆ්) පර්යේෂණයක් යනු වෛරසයක පරිණාමය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එහි ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම සඳහා විද්‍යාඥයින් භාවිතා කළ මතභේදාත්මක තාක්‍ෂණයකි. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙම ක්‍රියාව සාධාරණීකරණය කිරීම ඉතා අවදානම් බවයි.

‘පීටර් ඩසාක් සහ ඉකෝහෙල්ත් සන්ධානය විසින් යෝජනා කර ඇත්තේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය මඟින් එකතු කරන ලද මාරාන්තික චිමරික් කොරෝනා වෛරස් වවුලන්ට එන්නත් කොට මනුෂ්‍යකරණයට ලක් කිරීම සහ මීයන්ට ද දීමට බව ඩ්‍රැස්ටික් පවසයි.

ඊඑච්ඒ/ඩබ්ලිව්අයිවී යෝජනාව ‘ඩෙෆියුස්’ ලෙස නම් කර තිබී ඇත. අවසානයේදී සම්පුර්ණ අරමුදල් සඳහා ප්‍රතික්ෂේප කරන ලදි. නමුත් අර්ධ අරමුදල් සඳහා දොර විවර කර ඇත. එයට හේතුව ගොඑෆ් විසින් දෙන ලද මාර්ගෝපදේශ වැරදි ලෙස අර්ථකතනය කර භාවිත කිරීමේ කොටසක් ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles