‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තව තොගයක් ආපසු හරවා යවයි

0
538

පෞද්ගලික සමාගමක් ආනයනය කළ ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් යැයි තත්ව පරීක්‍ෂාවෙන් තහවුරු වූ තවත් පොල්තෙල් මෙටි්‍රක්ටොන් 230 ක් මැලේසියාවට නැවත හරවා යැවීමට කොළඹ වරායට රැගෙන ආවේය.

මෙම පොල්තෙල් තොගය බහලුම් 12 කින් ආනයන කර තිබූ බවත් එම තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතිඅපනය කරන බවට රේගු දෙපාර්තමේන්තුව සහතික වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම පොල්තෙල් තොගය එවර්එතික් නැමැති නෞකාවට පැටවීමට නියමිත බවත් එම නැව මේ මස 4 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිත බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here