Sunday, May 19, 2024

ඔක්සිජන් රට තුළ තිබෙනවා‘‘

ශ්‍රී ලංකාවේ දැන් පවතින ‘කොවිඩ් 19’ වයිරස අවදානම මුහුණදීමට අවශ්‍ය අමතර ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔක්සිජන් සිලින්ඩර් 7500 ක් මේ වන විට සමස්ත රට පුරා භාවිතයට ගනිමින් තිබෙන බවත් හදිසි අවස්ථාවක භාවිතයට කාර්මික ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතාගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

ඇනවුම්කර ඇති අතිරේක ඔක්සිජන් සිලින්ඩර් 395 ක් ලබන සතියේ ලැබෙන බවත් තවත් සිලින්ඩර් 1000 ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ද තවත් ඔක්සිජන් සිලින්ඩර් ගෙන ඒමට කටයුතු කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles