ඉදිරියේදී පැයකට වඩා විදුලි කප්පාදුවක්

0
350

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ.

ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවීම ඊට හේතුවයි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් කොටසක මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාර යේ මොගොවොට් 60 ක් හා සපුගස්කන්ද මෙගොවොට් 68 ක් වශයෙන් වබලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් මේ වනවිට ඉවත්ව ඇත.

බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here