ඉදිරි මාස දෙක කාලයේ දී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලො⁣ත්ව පවත්වාගෙන යාමට අපහසු වෙනවා – රැවන්

0
314

ඉදිරි සති දෙකක කාලය තුළ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව දරුණු කඩාවැටීමකට මුහුණ දීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව ද ඔහු පැවසීය.
දැනට රට තුළ ඇති ඩොලර් සංචිතය සති 2කටවත් ප‍්‍රමාණවත් නොවන බවද පැවසූ ඔහු මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත පහත වැටීමේ අවස්ථාව බවද සඳහන් කළේය.


ඉදිරි මාස දෙක කාලයේ දී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට පවත්වාගෙන යාමට අපහසු වන බවත් රටත් බංකොලොත් වන බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.


සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව මැලිකමක් දක්වන්නේ ඔවුන් විසින් දෙන අරමුදල්වලින් හොරකම් කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.
රට හදන්න පුලුවන් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් ඉතිහාසය ඒ බව ඔප්පු කර ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here