ඉන්දියාවෙන් ගත්ත ණය නිසා ඩොලරයේ අගය පහළ යනවා. අඩුවක් නැතුව අවුරුදු කන්න පුළුවන්

0
567

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලරයේ අගය විශාල ලෙස පහළ යනු ඇති බවත් වත්මන් ගැටලු රැසක් විසඳෙනු ඇති බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

ඊයේ (19) කොළඹ දී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේසේ ද කීවේය.

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අපි අත්සන් කළා. ප්‍රථමයෙන් ලබන්නා වූ සතිය තුළ සිරවී තිබෙන ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සියලුම තොග මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.”

“සතියක් දෙකක් ඇතුළත දී සිංහල දෙමළ අවුරුදු සමයේ දී කිසිදු භාණ්ඩයක, බෙහෙත් හේත්වල හිඟයකින් තොරව ලබා දීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීම සඳහා විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.“

“ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඩොලරය සඳහාවන ඉල්ලුම ඉදිරි මාස කීපය තුළ දී විශාල ලෙස පහත වැටෙයි කියලා. ඒකට හේතුව තමයි ඇමරිකානු ඩොලර් බිලියනකට තිබුණු ඉල්ලුම අඩු වෙනවා මේ ණය යෝජනා ක්‍රමය යටතේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here