ඉන්දියාවේ ගැහැනු දරුවන් සඳහා විවාහ වීමේ වයස 18 සිට 21 දක්වා ඉහළ දමයි..
ඉන්දියාව තුළ ගැහැනු දරුවන් සදහා නීත්‍යනුකූලව විවාහ දිවියට ඇතුළුවීමේ අවම වයස් සීමාව අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ දැමීමට එරට රජය පසුගිය (16දා) අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වෙයි. අද වනවිට ඉන්දියාව තුළ පිරිමින් සඳහා අවම විවාහ වයස ව න්ද අවුරුදු 21යි. පසුගිය වසරේ නිදහස් දිනයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම වයස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර, වසරකට පසුව ඒ සඳහා වන අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මේ සදහා කාර්යසාධක බළකා කමිටුවක් පත්කළ අතර, එහි නිර්දේශ අනුව මෙම නව පියවර ගෙන තිබේ.විශේෂයෙන්ම ඉන්දියාව තුළ සිදුවන මාතෘ මරණ අනුපාතය, ළමා මරණ අනුපාතය අඩු කරගැනීම, පෝෂණ මට්ටම් පිළිබඳ ගැටලු ඇතුළු මේ හා සම්බන්ද තවත් කාරණා රැසක් මූලික කරගනිමින් මෙලෙස ගැහැනු දරුවන් සදහා වන විවාහ වයස් සීමාව ඉහළ දැමීමට අදාළ කමිටුව මගින් යෝජනා වී තිබුණි.මෙහිදී අදාළ කාර්යසාධක බළකා කටුව මගින් විවිධ වෘත්තිකයන් සහ විශේෂයෙන්ම තරුණ කාත්තාවත් ඇතුළු තරුණ වැඩිහිටි පිප්ස සමග දිගු කාලයක් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස අවසන් තීන්දුව බවට මෙය පත්කරගෙන තිබේ.
මේ අතර රජය ගත් මෙම නව තීරණය පිළිබදව මහජනයා දැනුවත් කිරිම් සුවීශේෂී වැඩසටහනක් ඉදිරියේදී සැලසුම් කිරීමටද මෙම කමිටුව මගින් යෝජනා කර ඇතැයි සඳහන්වෙයි. විශේෂයෙන්ම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල දමා විවාහ සිදුවන අතර, ඒවා බාලවයස්කාර ගැහැනු දරුවන් සම්බන්ධව සිදු කෙරෙන බලහත්කාරී විවාහ බවටද මානව හිමිකම් සංවිධාන සදහන් කරයි. එම එවැනි විවාහවල ප්‍රතිඵල ලෙස ගැහැනු දරුවන් තුළ විවීධ සෞඛ්‍ය ගැටලුද මතුකර ඇති අතර, බොහෝමයක් මාතා සහ ළදරු මරණවලටද එම විවාහ හේත්තු වී තිබේ. එය අද වනවිට ඉන්දියාව තුළ දරුණු සමාජ ගැටලුවක් බවටද පත්ව ඇත.
එම ගැහැනු දරුවන්ට ඉක්මනින් විවාහ දිවියට පිවිසීම නොව හැකි උපරීම ආකාරයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල වෙතට ඇතුළුවීමේ අවස්ථාව සහතික කිරීමත් මෙම පියවර හරහා සාක්ෂාත් වන බව බව පැවසෙයි. එහිදී මූලිකවම ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශවල මෙම උසස් අධ්‍යාපන අවස්ථා අහිමිවීමේ තත්වය දරුණු ලෙස පවතින අතර, එම ප්‍රදේශ සඳහා අධ්‍යාපනික ආයතන පිහිටුවීම සහ ඒවා වෙත ප්‍රවාහන පහසුකම් සලසාදීම යෝජනා වී ඇත.
මීට අමතරව පාසල් විෂය මාලාව සදහා ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමටත්, එය තවත් වැඩිදියුණු කරමින් දරුවන් වෙන්වෙත ඉදිරිපත් කිරීමටත් එම කමිටුව යට යෝජනා කර තිබේ. මෙම මේ අතර මූලික සහ ද්විතියීක අධ්‍යාපනය හමාර කරන එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථාව නොලබන ගැහැනු දරුවන් සදහා උසස් අධ්‍යාපනික අවස්ථා වෙත පිවිසීම සහ සිය දක්ෂතා අනුව වෙනත් ස්වයංරැකියා හෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පුහුණුව ඇතුළුච ජීවනෝපාය මට්ටම ඉහළ නංවා ගැනීමේ මාර්ග පිළිබදව දැනුවත් බව ලබාගැනීමේ අවස්ථාව ලබාදීමත් ගැහැනු දරුවන් සඳහා වන විවාහ වන වයස් සීමාව ඉහළ නැංවීම් අරමුණ වී තිබේ.