Wednesday, May 15, 2024

ගැටලු කිහිපයක් මුල්කරගෙන දුම්රියෙන් ප්‍රවාහනය සඳහා පාර්සල් භාර ගැනීම අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි

දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවාහනය සඳහා පාර්සල් බාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා තිබෙනවා.

හෙට සිට ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ද ඉවත් වන බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා කියාසිටියේ.

දුම්රිය පරිපාලනය නිසික්‍රමවේදයකින් තොරව හිටිහැටියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දිගින් දිගටම අවලංගු කිරීම හමුවේ ජනතාවගේ ඇතැම් පාර්සල්වල ඇති දේවල් විනාශ වන බවත් මෙම සිද්ධීන් පිළිබඳව ජනාධිපතිවරයා ද ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත් බවත් කසුන් චාමර මහතා සඳහන් කලා.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles