ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස වැඩිවේ

0
388
Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 145,384 දෙනෙකු හදුනාගෙන තිබේ.

වෛරස ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (09) දිනයේ ඉන්දියාවේ කොවිඩ් මරණ 794 ක් ද සිදුව තිබේ.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම සංචරණ සීමා කිරීම සඳහා නව කොන්දේසි හඳුන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ඊයේ දිනයේ නව ආසාදිතයින් 58,993 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් සති අන්තයේ එම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබේ.

දිල්ලි හි සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන යළි දැනුම්දෙන තුරු වසාදමා ඇති අතර ලබන සඳුදා දිනය දක්වා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේද සංචරණ සීමා ප්‍රකාශයට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here