Monday, April 29, 2024

උත්සව සමයේ කුකුළු මස් රු .600ට කුකුළු මස් අලෙවිකරුවන් තීරණය කරයි

කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග අද (10) පැවති සාකච්ඡාවකදී තීරණයකර තිබේ.

අදාළ සාකච්ඡාව අද සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කුකුළු මස් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් එක්විය. 

වෙළෙඳපොළේ දිනෙන් දින කුකුළු මස් මිල ඉහළයෑම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයින් පසුගියදා එම වෙළෙඳාමෙන් ඉවත්වීමට ද පියවරගෙන තිබුණි.

“බොයිලර් කුකුළු මස් කිලෝවක් රුපියල් 430 ට අලෙවි කරන එක කිසිඳු ගැටලුවකින් තොරව අවශ්‍ය ඕනම ප්‍රමාණයක් වෙළෙඳපොළට ලබාදීමට එම සමාගම් අද කැමැත්ත පළ කළා. ඒ වගේම අතරමැදියන්ගේ අලෙවිය සම්බන්ධයෙන් තිබුණු ගැටලුවත් නිරාකරණය වුණා. නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා අතරමැදියන්ට රු.375ට දෙන්න. අතරමැදියන් පොරොන්දු වුණා වෙළෙදුන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්න. රුපියල් 600කට වඩා වැඩියෙන් වෙළෙඳපොළේ අලෙවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලත් තීරණය වුණා,” සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles