ඉන්දියාවේ ජීවත්වන ඇෆ්ගනිස්තාන සරණාගත කාන්තාවෝ ඉන්දියාවෙි දිල්ලි අගනුවරදී විරෝධතාවයක නිරත වූහ.
ඒ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ලෝක ප්‍රජාවට බලකරමිනි.
කාන්තාවන්ට අමතරව ළමුන් පිරිසක්ද ඒ සදහා එක්ව සිටීම කැපී පෙනිණ.
උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් මෙහිදී කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ළමුන්ගේ ඉරණම දිනෙන් දිනම දැඩි අවසානාවන්ත තත්වයක් කර එළඹෙමින් ඇති බවයි.
ඔවුන්ට රැකියා කිරීමට,අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි කරනු ලැබ ඇතැයිද උද්ඝෝෂකයෝ මෙහිදී කියා සිටියහ.