Tuesday, November 19, 2024

ඉන්දියාව පොරොන්දු වූ පරිදි ඉන්ධන මිලදි ගන්න ඇ. ඩොලර් මිලියන 500 ක් දෙයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාදෙන බවට සහතික කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජෙයිශංකර් මහතා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා වෙත ලිපියක් නිකුත් කර තිඛෙනවා.

මෙි බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ටිවිටර් පණිවුඩයකද සඳහන් වේ.

ශ්‍රී ලංකාවට මෙම ණය මුදල ලබාදෙන බවට පළමුවෙන් එකගතාවය පළව තිබුනේ පසුගිය වසරේදියි.

පසුගිය සෙනසුරාදා ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජෙයිශකංර් හා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදි එය යළි තහවුරුවී තිබුණි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදත්වය වඩාත් වර්ධනය කරගැනීමේ අරමුණින් එම ණය පහසුකම ලබාදුන් බවද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles