ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අත්සන් තැබෙි

0
338

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තැබුණා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද එම අවස්ථාවට එක්ව සිටියා ය.

ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තබා තිබේ.

මෙලෙස ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here