ඉන්දීය ජනතාවට හෙට සිට ස්පුට්නික් එන්නත

0
475

ඉන්දියාව තුළ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත බෙදාහැරීමට සැළසුම්කර ඇති බව රුසියාවේ ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව ස්පුට්නික් ෆයු එන්නත භාවිතයට ගන්නා 60 වන රට බවට ඉන්දියාව පත්වේ. ස්පුට්නික් එන්නතේ සාර්ථකත්වය සියයට 91 ඉක්මවා පවතින බවට සිදුකරන ලද පරීක්ෂණවලන් හෙළිව තිබේ. රුසියානු ස්පුට්නික් Vඑන්නත් මාත්‍රා ලක්ෂ 1.5 ත් 02 ත් අතර ප්‍රමාණයක් මැයි මස මුල වන විට ඉන්දියාව ලබා ගැනීමට නියමිතය.  හදිසි භාවිතය සඳහා ඉන්දියාව විසින් ස්පුට්නික් Vඑන්නත අප්‍රේල් 13 වන දින අනුමත කරන ලදී.  මේ අතර පවතින තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද කැදවා ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here