Tuesday, May 7, 2024

ඇමරිකාවෙන් ඔක්සිජන් සිලින්ඩර් සහිත ගුවන් යානා 2ක් ඉන්දියාවට

කොවිඩ් වසංගතයේ මාරාන්තික දෙවන රැල්ලට එරෙහි සටනට සහාය වීම සඳහා දැවැන්ත හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් අමෙරිකාවේ සිට වෛද්‍ය උපකරණ රැගෙන ඉන්දියාවට මේවන විට පිටත්කර යවා ඇත. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බවය.  අමෙරිකා ජනාධිපති ජෝ බියිඩන් ආධාර ලබා දෙන බවට පොරොන්දු වී දින කිහිපයකට පසු එක්සත් ජනපදය ඩොලර් මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට යවන බව නිවේදනය කළේය. එම ආධාර අතර ඔස්සිජන් ටැංකි 1000ක්, KN95 වර්ගයේ මුහුණු ආවරණ මිලියන 15ක්, කොවිඩ් පරික්ෂාවට යොදාගන්නා කට්ටල මිලියනයක් අඩංගු වේ. වසංගතයේ මුල් අවධියේදී සිය රටේ රෝහල් දැඩි පීඩාවට පත්වූ විට ඉන්දියාව එක්සත් ජනපදයට ආධාර යැවූවා සේම, අවශ්‍ය වේලාවට ඉන්දියාවට උපකාර කිරීමට එක්සත් ජනපදය අධිෂ්ඨානයෙන් සිටින බවට ධවල මන්දිරය විසින් මෙහිදී ප්‍රකාශයක් ද සිදුකර තිබේ. එසේම ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ඇස්ට්‍රෙසෙනෙකා එන්නත සෑදීමට අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය ද ඇමෙරිකාව විසින් ඉන්දීයාව වෙත ලබා දීමට අපේක්ෂා කරමින් සිටින බවත් එයින් එන්නත් මාත්‍රා මිලියන 20ක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles