Friday, April 26, 2024

රුපියල් හය කෝටියකට අධික මුදලක් වංචා කර ඇතැයි-මනිලාල් ප්‍රනාන්දු කෝප් කමිටුව හමුවට කැඳවයි

රුපියල් හය කෝටියකට අධික මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට (කෝප්) ලබන හය වැනිදා කැඳවා ඇත.

ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 60ක මුදලක් හිටපු සභාපතිවරයා සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගෙන ඇති බවටත් පරිත්‍යාග ලෙස ලැබුණු තවත් රුපියල් පන් කෝටියකට වැඩි මුදලක් අවභාවිත කර ඇති බවටත් විගණන වාර්තා මඟින් තොරතුරු හෙළි වී ඇත.

ඒ අනුව අදාළ දූෂණ හා වංචා සම්බන්ධයෙන් මනිලාල් ප්‍රනාන්දු මහතාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වර්තමාන ප්‍රධානින්ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලබන හයවැනිදා කැඳවීමට නියමිත වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles