Tuesday, May 7, 2024

Royal Cashews සිව් වැනි වරටත් රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන ROYAL CASHEWS සමාගම ‘ජාතික අපනයන සම්මාන උලෙළ -2020’ (NCE Exports Awards-2020) හි රන් සම්මානයෙන් සිව් වැනි වරටත් පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ 28වැනි ජාතික අපනයන සම්මාන උලෙළ පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ROYAL CASHEWS සමාගම මෙවර ‘ජාතික අපනයන සම්මාන උලෙළ -2020’ හි සම්මානයට පාත්‍රවූයේද Fresh and Processed Agricultural Export Crops අංශය වෙනුවෙන් පිරිනමන ජාතික රන් සම්මානය දිනා ගනිමිනි. එමෙන්ම පසුගිය සිව් වසරේ දී ROYAL CASHEWS සමාගම ‘ජාතික අපනයන සම්මාන උලෙළහි’ සම්මාන 4කට අඛණ්ඩව හිමිකම් කීමට සමත් විය. ROYAL CASHEWS සමාගම ‘ජාතික අපනයන රන් සම්මානයකට හිමිකම් කීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතා පැවසුවේ, ‘ජාතික අපනයන සම්මාන උලෙළහි අප සමාගමට රන් සම්මානය හිමිවීම මෙරට කජු සැකසීමේ හා අපනයන සමාගමක් ලෙස අප ලද සුවිශේෂී ජයග්‍රහණයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles