Sunday, September 22, 2024

ඉන්දීය ධීවරයින් 73 ක් නිදහස් කෙරේ.

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 70ට වැඩි පිරිසක් නිදහස් කිරිමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනූව ජුලි මස 15 වන දින සිට 21 වන දින දක්වා අත්අඩංගුවට ගත් ධීවරයින් මෙලෙස නිදහස් කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ඉන්දීය ධීවරයින් මෙරටට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් විමර්ශන සඳහා ධීවර පරික්ෂක කාර්යාල වෙත භාරදීමෙන් අනතුරුව රඳවා තබා තිබුණි.

මෙම ධීවරයින් නිදහස් කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දිය රජය ඉල්ලීමක් කර තිබූ බව සඳහන්ය.

අදාල ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම ධීවරයින් නිදහස් කිරීම සඳහා විරුද්ධත්වයක් නොමැති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 73 දෙනෙකු නිදහස් කර ඇති අතර ඔවුන් ඉදිරියේදී ඉන්දියාවට භාරදීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles