Wednesday, May 1, 2024

පිච්ච මල් පූජාවට යන සැදැහැවතුන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ සහන..

වාර්ෂික පිච්චමල් පූජාව සඳහා සහභාගී වන සැදැවතුන්ට අනුරාධපුර දුම්රිය පරිශ්‍රයේ අද(23) සිට නවාතැන් පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සපයන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සඳහන්ය.

අද සහ හෙට(24) යන දින වල මෙම පහසුකම ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

ඊට අමතරව පිච්ච මල් පූජාව ඉලක්ක කරගනිමින් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles