ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රජීව් ගාන්ධි ඝාතනයේ චූදිතයෙකු වන ඒ ජී පේරාරිවලන් නමැත්තා ඇප මත මුදාහැරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඔහු දැනටමත් වසර 30 කට වැඩි කාලයක් සිර දඩුවම් විඳ තිබීම සැළකිල්ලට ගෙනයි.
ජිවිතාන්ත සිර දඩුවමකට ලක්ව සිටින මොහුගේ අයහපත් සෞඛ්‍ය තත්වයද එහිදී සළකා බලා තිබෙනවා.
නිශ්චිත දිනයකදී ආසන්නම පොලිස් ස්ථානයට වාර්තා කල යුතුවීමත් ගුවන් ගමන් තහනම් කිරිමත් පේරාරිවලන් නමැත්තාට එරෙහි ඇප කොන්දේසි අතර වනවා.