Friday, May 17, 2024

රුසියානු සෙබලුන් 5000 – 6000 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇති බව ඇමරිකාව කියයි

යුක්රේනයට එරෙහි ගැටුම්වලදී රුසියානු සෙබලුන් 5000 ත් 6000 ත් අතර සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇති බව අමෙරිකාව පවසනවා.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 15,000 ත් 18,000 ත් අතර පවතින බවයි ඔවුන් නිකුත් කල සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

මෙම අගයන් සංසන්දනය කිරීමේදී දෙවන ලොක යුද සමයේදී සිදුවූ හානිවලට සමාන අගයක් පෙන්නුම් කෙරෙන බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් යුක්රේනය ප්‍රකාශ කර තිබුණේ ගැටුම්වලදී රුසියානු සෙබලුන් 12,000 ක් පමණ මියගොස් ඇති බවයි.

එහෙත් රුසියාව කියා සිටියේ යුක්රේන ගැටුම්වලදී මියගොස් ඇත්තේ තම සෙබලුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles