ඉන්ධන පිරවුම්හලක් අසල තියුණු ආයුධයකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කරයි

0
330

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර මෙලෙස ආරවුලක් ඇති වී තිබෙන බව පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර, ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුර පලාගොස් ඇති බව පොලිසිය කියයි.

අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක අයෙක්.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here