ඉන්ධන බෙදා හැරීම අධීක්‍ෂණයට අද සිට යුද හමුදා සාමාජිකයින් යොදවයි

0
285

ක්‍රමානුකූලව ඉන්ධන බෙදා හැරීම සිදුවේදැයි අධීක්‍ෂණය කිරීම සඳහා අද (22) සිට සියලුම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව අද (22) සිට සියලුම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ ක්‍රමානුකූලව ඉන්ධන බෙදා හරින්නේදැයි සොයා බැලීම සඳහා යුද හමුදාව යොදවා තිබෙනවා.

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවෙි.

මේ අතර ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාව හා එහි සේවකයින් සඳහා ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here