ඉන්ධන මිල ඉහළ ගිය න්සා දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු වෙන්නේ නෑ

0
315

ඉන්ධන මිල ඉහළ නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදුකළත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටියදී හදිසියේම දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

ලබන ජනවාරි මස 5 වැනි දා සිට පෞද්ගලික සහ ලංගම අවම බස් ගාස්තුව රුපියල් 3.00 කින් සහ අධිවේගී මාර්ග ඇතුළු අනෙකුත් බස් ගාස්තු සියයට 17 කින් ඉහළ දැමීමට ඊයේ තීරණය කරනු ලැබීය.

ඒ අනුව අවම බස් ගාස්තුවද රුපියල් 14.00 සිට 17.00 දක්වා ඉහළ යන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here