Tuesday, May 7, 2024

කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද සිට අත්හිටුවයි

කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද (30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මින් ඉදිරියට හෝටල් පද්ධතිය තුළ ටින් කිරිවලින් පමණක් කිරි තේ සෑදීමට අදහස් කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා.

කිරි පිටි මිල ඉහළ දමා ඇති අවස්ථාවක නැවත වරක් කිරි තේ කෝප්පයක මිල වැඩිකළහොත් එය පාරිභෝගිකයින්ට දරා ගැනිමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව එම සංගමය පැවසුවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි කිලෝවක පැකට්ටුව රුපියල් 150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60 කින්ද වැඩිකිරීමටයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් වන අතර කිලෝ ග්‍රෑම් 1 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345 දක්වා ඉහළ යනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles