ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව අද යළිත් බලශක්ති ඇමැති අතට

0
561

මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල අලාභයක් ලබමින් සිටින බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 50ක් අලාභයක් සංස්ථාවට සිදුවන බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යෝජනාවක් නැවත වරක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට අද දිනයේ ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here